පස්සරදී බස් රථයක් අනතුරකට - 13 දෙනෙක් රෝහලට

0

 


කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් ගසක ගැටී නතරවී ඇති බව අප වාර්තාකරු පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබේ.

අද (11) උදෑසන 6:30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.
 

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top