ලොස් ඇන්ජලීස්හි ලැව්ගිනි හේතුවෙන් 11 දෙනෙකු මරුට..

0

 


අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිරයන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් එක් ලක්ෂ හතලිස් හතර දහසකට වැඩි පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලැව්ගිනි හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් තාවකාලික නවාතැන්වල රඳවා ඇති බවයි.

පුද්ගලයින් 11 දෙනෙකු ලැව්ගිනි හේතුවෙන් මිය ගොස් ඇති අතර නිවාස හා ගොඩනැගිලි 10,000 කට පමණ හානි සිදුව තිබේ.

මේ අතර, ලැව්ගිනි හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ එම ප්‍රදේශ ආශ්‍රිතව මංකොල්ලකෑම් වාර්තා වීම හේතුවෙනි.

කෙසේ වෙතත් අධික සුළං තත්ත්වය මේ වන විට අඩු වෙමින් පවතින බවත් විදෙස් වාර්තාවල සඳහන්.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top