ක්ලීනින් ශ්‍රී ලංකා ( Cleaning Sri Lanka )

0


අද දින ක්ලිනින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරමින් අම්පාර නගරයේ අක්‍රමවත් ලෙස අලවා ඇති පෝස්ටර් සහ කටවුට්ස් ඉවත් කිරීමේ වැඩසටහන අම්පාර පොලිසියේ ප්‍රජා පොලිස් අංශය විසින් අම්පාර බස් නැවතුම්පොල පරිශ්‍රයේ ආරම්භ කරන ලදී.


එහිදී අදාල නිලධාරීන් හට දැනුවත් කිරීමේ දේශනයක් අම්පාර මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරීක්ෂක නිමල් මහත්මයා සිදු කල අතර, එතුමා වැඩි දුරටත් පවසා සිටියේ මෙම අක්‍රමවත්  පෝස්ටර් සහ කටවුට්ස් මීට පෙර සිටම ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කල බවත් ඉතිරිවී ඇති යම් දෙයක් වේ නම් ඒවා ඉවත් කිරීම අද දිනයේ ක්‍රියාවලිය ලෙසයි.


මේ අයුරින් අද දිනයේ ක්ලිනින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරමින් අම්පාර මුලස්ථාන පොලිසියේ වැඩ බලන පොලිස් පරීක්ෂක නිමල් මහත්මයාගේ මුලිකත්වයෙන් අම්පාර පොලිසියේ ප්‍රජා පොලිස් අංශය විසින්  ක්‍රියාත්මක කිරීම සිදු කරන බව වාර්තා කරමි.


සජීවී පුවත් වාර්තාකරණයේ පුරෝගාමී Today Ceylon වෙනුවෙන් 


බණ්ඩාර බැමිණිවත්ත





Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top