පුතුට මරු කැඳවූ පියාගේ මාරාන්තික ප්‍රහාරය

0

 


මහකුඹුක්කඩවල පොලිස් වසමේ සොහොන්කල්ම ප්‍රදේශයේදී පියා විසින් පොරවකින් පහරදී පුත්‍රයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය ඊයේ (26) රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ සොහොන්කල්ම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.

මරණකරු තම පියා සමඟ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් මත, පියා විසින් පොරවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආණමඩුව රෝහලට රැගෙන යාමට නියමිතය.

වයස අවුරුදු 63ක් වන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මහකුඹුක්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top