සැඟව සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙලා: මහජන ආරක්ෂක ඇමති

0

 


මැදපෙරදිග සැගව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනෙකු මෙරටට භාරවීමට සූදානම් බවට දන්වා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.


විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සදහා වන රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මෙම ජාවාරම්කරුවන් මැදපෙරදිග සැගව සිටින ස්ථාන සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ කර ඇති බවත් ඔවුන් භාරවීමට සිය කැමැත්ත පළ කර ඇති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top