නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ...

0

 


නව පොලිස්පති ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පතිවරවයාට අද (13) භාර දුන් බවයි.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වැනි පොලිස්පතිවරයායි.

පොලිස් කොස්තාපල් , උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරි ධුර පසු කරමින් , පොලිස්පති ධුරයට පත්වු පළමු පොලිස්පතිවරයා නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top