එජාප-සජබ හවුලට සජබ අභ්‍යන්තර අර්බුද බධාවක් වෙයි

0


 සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබේ.

එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡා පසුගියදා ආරම්භ විය.

ඒ අනුව සාකච්ඡා වට කිහිපයක් පැවැතියත් මේ වන විට එම සාකච්ඡා අතරමග නතර වී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පැවසුවේ සිය පක්ෂය තවමත් සාකච්ඡාවලින් ඉවත් වී නොමැති බවය.

මේ අතර සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද මෙම පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ඡාවලින් පසුගියදා ඉවත් විය.

ඔහු පැවසුවේ සිය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් තමන් මෙම සාකච්ඡාවලින් ඉවත් වන බවය. 

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top