පෞද්ගලික බස් වලින් කප්පම් ගන්නා වේලාසටහන්කරුවන්

0

 


පෞද්ගලික බස්රථ වලින් වේලාසටහන්කරුවන් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන්  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

වේලාසටහන්කරුවන් හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අතර පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි සභාපතිවරයා මේ බව පවසා තිබෙන්නේ.

වේලා සටහන්කරුවන් පෞද්ගලික බස්රථ වලින් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් බස්රථ සංගම් දැඩි අප්‍රසාදය පළ කරනවා.

මේ සම්බන්ධයෙන් බස් සංගම් අවස්ථා කිහිපයකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි කර ඇතත්, පසුගිය වසර කිහිපය තුළ ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී තිබෙනවා.

කෙටිදුර බස් රථයක් වේලාසටහන්කරුවන්ට දිනකට රුපියල් 500ක මුදලක් ලබා දියයුතු අතර, දුර ගමන්සේවා බස් රථයක් රුපියල් 1000ක මුදලක් දෛනිව ලබාදෙන බව සඳහන්.

ඒ අනුව වේලාසටහන්කරුවෙකුගේ අමතර දෛනික අදායම රුපියල් 7,000ත් 10,000 අතර අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

බස් සංගම් පෙන්වා දෙන්නේ, රජය ඉන්ධන මිල ඉහළ දැමූ වහාම බස් ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන්නේ වේලාසටහන්කරුවන්ට අමතර මුදල් ලබාදීමට සිදුවන නිසා බවයි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top