ගිලන්රථය අනතුරක - රියදුරු රෝහලට

0

 


වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථයක් මාර්ගයනේ ඉවතට ලිස්සා ගොස් විදුලි කනුවක ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ගිලන් රථ රියදුරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

ඊයේ (13) සවස පුත්තලම - වනාතවිල්ලුව මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇත. 

වනාතවිල්ලුව රෝහලේ පැවති වෛද්‍ය සායනක් සඳහා පුත්තලම මූලික රෝහලේ සිට වෛද්‍යවරයකු රැගෙන ගොස් සායනය අවසන් වී වෛද්‍යවරයා නැවත පුත්තලම රෝහලට දමා ආපසු වනාතවිල්ලුව බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top