අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මොවුන් හංවැල්ල, මීගොඩ, හෝමාගම, අතුරුගිරිය සහ කොට්ටාව යන ප්‍රදේශවල සිදුකළ සොරකම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවය.
සැකකරුවන් යතුරුපැදියෙන් ගොස් එම ප්‍රදේශවල රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් 9ක් සහ යතුරුපැදි සොරකම් රැසක් සිදුකර ඇති බවට අනාවරණ වී තිබේ.
ඒ අනුව සැකකරුවන් විසින් සොරකම් කරන ලද රන්මාල 02ක්, පෙන්ඩනයක්, උණුකර තිබූ රන්කැබලි 09ක් අපරාධ සඳහා යොදාගත් යතුරුපැදි 02ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 27,28 හා 35 යන වයස් සීමාවල පසුවන තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් බව සඳහන්ය.

