සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

0

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අතර සුවිශේෂී හමුවක් (22) කොළඹ දී සිදුවිය.

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katsiaryna Svirydzenka මහත්මිය, නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිකල් මහත්මිය සහ දේශීය ආර්ථික විශේෂඥවරියක් වන මානවී අබේවික්‍රම මහත්මිය ද එක්වූහ.

එහි දී වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසි⁣ටියේ, වර්තමානය වන විට ජනවරමකින් බිහි වූ රජයක් සහ ජනාධිපතිවරයකු සිටින බැවින් හිටපු රජය අත්සන් කළ IMF ගිවිසුම වෙනස් කර ජනතාවාදී ගිවිසුමකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවිය යුතු බවය.

මීට පෙර ද විපක්ෂ නායකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ සාමාජිකයන් රැසක් IMF නියෝජිතයන් සමග අවස්ථා රැසකදී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත් වූ අතර අද පැවැති මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යනාදීන් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යනාදීන් ද එක්වූහ

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top