පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධි සුඛෝපභෝගී වාහන නෑ.. ඉන්ධන පිරිමැසුම් දායක වාහනයක් පමණයි.. - අමාත්‍ය ආනන්ද විජේපාල

0

 


සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි.

අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු ‍නොවන බවද ඔහු කියා සිටියේ ය.

ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසුවේ ය. 

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top