ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

0

 


දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් අද (24) දින නාවික හමුදාව විසින් අනුයුක්ත කිරීමට කටයුතු පියවර ගෙන තිබේ.

එම සහන කණ්ඩායම් බුද්ධංගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට පත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සහ අධික වර්ෂාව නිසා ආපදාවට පත්ව ඇති ලාහුගල මහ වැවේ වැලි කොට්ට යොදා තාවකාලික ආධාරක ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතර මේ වන විට පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් 3009 දෙනෙකු වෙත නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සලසා දී තිබේ. 

තවද, ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර  සහන කණ්ඩායම් හතලිස් අටක් මේ වන විටත් සූදානමින් තබා ඇති බවත් නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top