මාධ්‍ය හැදුනුම්පත ක‍්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණයි..

0



 මාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත, මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සියලු මාධ්‍යවේදීන් සඳහා අංග සම්පූර්ණ නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ඒ මහතා අවධානය යොමු කර ඇත.

මීට අමතරව ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

– නිදර්ශනි වික්‍රමසිහ

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top