ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

0

 


ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළේය.

සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය තුළ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයින් සහ සංවර්ධන හවුල්කරුවන් හමුවී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කර තිබුණි.

රයිසර් මහතාගේ මෙම සංචාරයේදී අවධානය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට දරිද්‍රතාවය අඩු කිරීම, ඩිජිටල් සංවර්ධනය සහ ක්ලීන් ශ්‍රී ලංකා මුලපිරීම සඳහා රජයේ කැපවීම ඇතුළත් විය.

ඉදිරි මාස තුන තුළ ඩොලර් මිලියන 200 ක ප්‍රධාන ව්‍යාපෘති තුනකට මූල්‍යකරණය කිරීමට සැලසුම් කර ඇති ලෝක බැංකුව මෙම ක්ෂේත්‍රවල සිය සහයෝගය නැවත තහවුරු තිබේ.

මෙම ව්‍යාපෘති ග්‍රාමීය සංවර්ධනයට සහ අධ්‍යාපනයට සහාය වන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පහසුකමක් ස්ථාපිත කරනු ඇත.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top