ජනපතිගෙන් හෝ චි මිං සොහොන් ගැබට සහ යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර

0



 වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව ජනාධිපති මන්දිරයේ ඇති හෝ චි මිං අනුස්මරණ භූමිය නැරඹූ ජනාධිපතිවරයා නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top