ජනපති හා මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

0

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) යන මහත්වරුන් අතර හමුවක් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය මැතිවරණවලදී ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ විදේශ අමාත්‍යවරයා, මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සිය සතුට ප්‍රකාශ කළේය.

රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන පුදුමයට පත්වන බවත්, ආර්ථික අර්බුදයෙන් මාලදිවයින ගොඩනැඟීමට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් අබ්දුල්ලා කලීල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය නිල සංචාරයක් සඳහා  මාලදිවයින වෙත පැමිණෙන ලෙසට ද විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනාවක් ද කළේය.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපතිතුමා තම ප්‍රශංසාව ප්‍රකාශ කළේය.

මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad), විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම  මහත්මීහු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top