ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් විධායක නියෝග කිහිපයක්

0

 


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදත් විධායක නියෝග කිහිපයකට අත්සන් තබා තිබේ.

අමෙරිකාවට ආනයනය කෙරෙන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා 25%ක තීරු බදු පැනවීම ඒ අතුරින් සුවිශේෂියි.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ, නව තීරුබදු අමෙරිකාවේ සියලුම වෙළෙඳ හවුල්කරුවන්ට අදාළ වන බවයි.

කිසිදු පාර්ශ්වයක් තීරු බදුවලින් නිදහස් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.

මේ අතර ප්ලාස්ටික් බීම බට භාවිතය අවම කරමින් පසුගිය දා ජෝ බයිඩන් පාලනය විසින් ගෙන තිබූ තීරණ අහෝසි කිරීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේ ය.

ජෝ බයිඩන් පාලනය ප්ලාස්ටික් තහනම පැනවූයේ ප්ලාස්ටික් හරහා පරිසරයට සිදුවන හානිය අවම කරගැනීමේ අරමුණිනි.

කෙසේ නමුත්, රජයේ අවශ්‍යතා සඳහා බීම බට මිලදී ගැනීමේදී තවදුරටත්, කඩදාසි බීම බට මිලදී ගැනීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top