අද සිට දෛනික විදුලි කප්පාදුවක් කරන්නේ නෑ - බලශක්ති අමාත්‍ය

0

 


අද සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ඔහු පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කර ඇති බවයි.

එහි  ඉතිරි ජනන යන්ත්‍ර දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් ජාතික පද්ධතියට එක්කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ , විශේෂයෙන්ම නැවත මෙවන් තත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝකාලීන පියවරයන් ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

පසුගිය ඉරිදා පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටුනු අතර ඒ සමගම නොරොච්චෝලේ බලාගාරයද අක්‍රීය විය.

ඉන් අනතුරුව විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින කලාප 4 කට වෙන් කර විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තේ ය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top