ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

0

 


ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.

එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් අභියාචනා පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු, ඥානසාර හිමියන් ඇප මත මුදාහන ලෙස උන්වහන්සේගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top