ආපදා සහන අධීක්ෂණයට ජනපති උපදෙසින් උතුරු නැගෙනහිරට කණ්ඩායම්..

0

 


ගංවතුරෙන් වැඩිම හානියක් සිදුවී ඇති උතුරු හා නැගෙනහිර පළාත්වල සහන වැඩසටහන් අධීක්ෂණය සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්යෙන් කණ්ඩායම් 2ක් පත් කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මතයි.

එම කණ්ඩායම් ඊයේ දිනයේ අදාළ පළාත්වල සහන සේවා කටයුතු නිරීක්ෂණය කළේ ය.

මේ නැගෙනහිර පළාත සඳහා යොමු කළ කණ්ඩායමේ ප්‍රධානත්වය දරන ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය කඩිනමින් යථාවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top