හානියට පත්වූ වගාවන් නැවත ආරම්භ කිරීමට රජයෙන් සහයෝගය

0



පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු අධික වැසි හේතුවෙන් දිවයිනේ හානියට පත්වූ වගාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂිකර්ම හා වාරි මාර්ග බලධාරීන් සමඟ ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබනවා.

එහිදී තීරණය කර ඇත්තේ, ගොවීන්ගේ හානියට ලක්වූ වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබා දීමටයි.

ඒ අනුව ගොවීන් වෙත බිත්තර වී ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසා දීමටත් ඒ සඳහා වහාම වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, කැඩී බිඳී ඇති වාරි පද්ධති වහාම පිළිසකර කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා එහිදී දිසාපතිවරුන් සහ වාරි බලධාරීන් හට උපදෙස් ලබා දී තිබුණා.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top