ග්‍රීසියේ ඇතෑන්ස් ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙක් මරුට

0



 COLOMBO (News 1st) - ග්‍රීසියේ ඇතෑන්ස් ප්‍රදේශය ආශ්‍රිතව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලැව්ගිනි සීග්‍රයෙන් පැතිර යමින් ඇති බවයි.

ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවීම් භටයින් විශාල පිරිසක් යොමු කර ඇතත් අධික උෂ්ණත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න පාලනය අපහසු වී තිබේ.

ලැව් ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් විය.

පසුගිය ඉරිදා (11) හටගත් ලැව්ගිනි මේ වන විට අක්කර 25,000 ක පමණ පැතිර ඇති අතර, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ද ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top