පාස්පෝට් ලබා දීම අද සිට පැමිණි පිළිවෙළට.

0

 


පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (28) සිට ආරම්භ කෙරිණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, කලින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අද සිට අත්හිටුවා ඇති බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රියේ සිට බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණේ ය.

අප වාර්තාකරු පැවසුවේ නොසන්සුන් ලෙස හැසිරුණු දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බවයි.

පොලීසිය මැදිහත් වී ජනතාව පෝලිම්ගත කිරීමට කටයුතු කළේ ය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සතුව මේ වන විට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම සීමා කර  ඇති බවයි.

ඒ අනුව දිනකට නිකුත් කරනු ලබන්නේ විදෙස් ගමන් බලපත්‍ර 750 කි.

Tags

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top