ඉෂාරා සෙව්වන්දි අල්ලාගත් මෙහෙයුමේදී | මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා - ඉෂාරා සෙව්වන්දි පොලිස් අධිකාරි රොහාන් ඕලුගලට කිව්ව කතාව .....

0




“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය.
ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්රික්කයේ තිබ්බස් පාර්ක් ප්රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී පෙරේදා (13 වැනිදා) රාත්රියේ අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකාරිය සමග පාතාල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකි විය.
නේපාල පොලිසිය සහ ජාත්යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල මහතා පෙරේදා රාත්රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස්පති ප්රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් මෙම මෙහෙයුම ක්රියාත්මක කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා (11 වැනිදා) සිටය.
කෙහෙල්බද්දර පද්මේගෙන් ප්රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුවය.
නේපාල පොලිසිය සහ ජාත්යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබිණි.
ඒ අනුව රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මහත්වරුන් නේපාලයේ කත්මන්දු නගරය වෙත ගොස් එරට පොලිසිය හමුවී මෙම මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කර ඇත.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top