ඓතිහාසික මාණික්කමඩු පරිවාර චෛත්‍ය රහමහා විහාරයේ කඨිණ මහෝත්සවයේ කඨිණ දුෂ්‍යය රැගත් රන්සිවිගේ සහිත රථ පෙරහැර 2025.10.25 වන දින අම්පාර ගැමුණුපුර 41B/1.බණ්ඩාරනායක මාවතේ පිහිටි ඉරෝෂා නිලන්ති මහත්මියගේ නිවසේ සිට අම්පාර නගරය හරහා අම්පාර කාර්මික පෙදෙසේ පිහිටි එම්පයර් ව්‍යාපාරයේ නිවසට වැඩමවා අනතුරුව ගල්මඩුව ඒ වගේම නියුගුණ අටේ කාණුව දීඝවාපිය ගම පුරාම වැඩමවා පසුදින (10/26 ) පෙ. ව 3.00 ට පමණ දීඝවාපිය නිරෝෂා මහත්මියගේ නිවසේ තැන්පත් කරන ලදී.
මෙම කඨිණ දුෂ්‍යය වැඩමවන මාර්ගය දෙපස විශාල බැතිමතුන් පිරිසක් රැදී සිටිමින් ඉතාමත් භක්තියෙන් කඨිණ දුෂ්‍යය වැඳ පුදා ගන්නා ආකාරය දක්නට ලැබුණු අතර, මේ ගමන් මාර්ගය තුළ ඉතාමත් භක්තියෙන් සහ උනන්දුවෙන් දන්සල් 10 කට අධික ප්‍රමාණයක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
මෑත වකවානුවේ මේ ආකාරයට කඨිණ දුෂ්‍යයක් වැඩම්මවාගෙන ආවරණ කල ගම් ප්‍රමාණය සහ වැඩිම දුර මෙය විය යුතුය.
නැවතත් 10/26 දින පෙ. ව. 5.00 ට පමණ දීඝවාපිය නිරෝෂා මහත්මියගේ නිවසේ තැන්පත් කර තිබු උතුම් කඨිණ දුෂ්‍යය පිරිත් සජ්ජායනා කොට ඓතිහාසික මාණික්කමඩු පුරාණ විහාරය වෙත වඩම්මවා පෙරවරු කිරි අහාර පුජාව සිදු කරමින් ඒ වතාවත් ඉෂ්ට සිද්ධ කරන ලදී.
මේ සියළුම කටයුතු සංවිධානය කිරීමේදී විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අඹගස්පිටියේ සීලරතන ස්වාමින් වහන්සේ, මාණික්කමඩු බෞද්ධ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ගෞරවනීය තෙරිපහ සුගතරතන ස්වාමින් වහන්සේ සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, විශේෂයෙන් නියුගුණ ග්‍රාමයේ සහ දීඝවාපිය ග්‍රාමයන්හි ජනතාව, ඒ වගේම අම්පාර ප්‍රදේශයේ ජනතාව සහ අම්පාරෙන් පිට ප්‍රදේශ වලින් පැමිණි බොදු ජනතාව මේ කාර්ය සාර්ථක කරගැනීමේහිලා මුල් තැන ගෙන කටයුතු කලෝය.
ඒ අනුව 10/26 දින දහවල් සාංගික දානමය පිංකම සමගින් කඨිණ චීවරය පුජා කිරීමෙන් 2025 මාණික්කමඩු පරිවාර චෛත්‍යය පුරාණ විහාරයේ කඨිණ මහා පුජෝත්සවය ඉතාමත් උතකර්ෂවත් අන්දමින් නිමාවට පත් වූ බව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව වාර්තා කරමි.
සජීවී පුවත් වාර්තාකරණයේ පුරෝගාමී Today Ceylon වෙනුවෙන් මාධ්‍යවේදී
බණ්ඩාර බැමිණිවත්ත




