ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනෙකු සම්බන්ධ නඩුවSkype තාක්ෂණය ඔස්සේ අද කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රෙජිස්ටාර්වරියට දැනුම් දී තිබේ.
ඒ අනුව රෙජිස්ටාර්වරිය බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දී ඇත්තේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසයි.
මහේස්ත්‍රාත්වරිය එම දැනුම්දීම කර ඇත්තේ, බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.
මේ වනවිට ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු හඳුනාගෙන ඉන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිඥයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණය තුළට ගොස් ගණේමුල්ලේ සංජීව නැමැත්තාට වෙඩි තැබූ බව කියන පුද්ගලයා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටී.
එම ඝාතනයට අනුබල දුන් බව කියන සෙසු සැකකරුවන් නව දෙනා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.
කොළඹ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ලේ සංජීව නැමැත්තා පසුගිය මස 19 වැනිදා ඝාතනය කෙරිණ.