දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අදත් - ඛණිජ තෙල් නීතිගත සංස්ථාව

0

 


දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අදත් ක්‍රියාත්මක බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී ඒ රාජකරුණා මහතා සඳහන් කළේ, ඇණවුම් කළ සියලු තොග කිසිදු බාධාවකින් තොරව බෙදා හරිමින් ඇති බවයි.

හෙට සහ අනිද්දාට අවශ්‍ය ඉන්ධන තොග මේවන විටත්, පිරවුම්හල් වෙත නිකුත් කර අවසන් බවද, සභාපතිවරයා පෙන්වා දෙයි.

පිරවුම්හල් හිමියන් පිරිසක් වර්ජනයක නිරත වන බවට පළවූ වාර්තා හේතුවෙන් ඇතැම් පිරිස් පෙරේදා ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් වලට රැස්ව සිටියේ ය.

අදාළ ගැටලුව මතුවූයේ, ඉන්ධන බෙදුම්කරුවන්ට ලබාදෙන 03% ක වට්ටම් මුදල අහෝසි කර ඊයේ සිට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමත් සමගයි.

මෙතෙක් ඉන්ධන බෙදුම්කරුවන් ලබා ගත් 03%ක අමතර මුදල අනීතික බව ජාතික විගණන කාර්යාලය හා අධිකරණය පෙන්වා දීමත් සමඟ එය අහෝසි කර, නව ක්‍රමවේදය හඳුන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, අප වාර්තාකරුවන් සඳහන් කළේ, දිවයිනේ කිසිදු ප්‍රදේශයක තෙල් පෝලිම් දක්නට නොලැබෙන බවයි.

පිරවුම්හල් වල සාමාන්‍ය පරිදි ඉන්ධන පවතින බව ඔවුන් ප්‍රකාශ කළේ ය.

අද උදෑසන වනවිට රට තුළ පවතින ඉන්ධන සංචිත පිළිබදව, ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ ය.

ඒ අනුව පවතින ඔටෝ ඩීසල් ප්‍රමාණය,මෙට්‍රික් ටොන් 66,188 කි.

සුපිරි ඩීසල් මෙට්‍රික් 9444 ක් සංචිතවල පවතියි.

පවතින ඉන්ධන තොග අතරට, ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් 87 180 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13 767 ක් අයත් ය.

මේ අතර, දින 7 ක් තුළ අලෙවි වී ඇති ඔටෝ ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4626 කි.

එම කාලය තුළ ලංකා සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 111 ක් අලෙවි වී ඇතැයි, නිවේදනයේ දැක්විය.

දින 7 ක් තුළ අලෙවි වී ඇති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 3806 කි.

ඔක්ට්‍රේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 119 ක් ද, එම කාලසීමාවේ අලෙවි වී ඇතැයි, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top