ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ CIDයට

0

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද(26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියේ ය.

ඒ, එම දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අදාළවයි.

ශ්‍රීලංකන් සමාගමට කුප්‍රකට කපිල චන්ද්‍රසේන මැදිහත්ව සිදුකළ එයාර්බස් ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා එලෙස කැඳ වූ බව පොලීසිය පැවසීය.

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් 10ක් මිලදී ගැනීමට ගනුදෙනුවක් සිදු කෙරුණි.

බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය කළ පරීක්ෂණයකදී හෙළිවුයේ මේ ගනුදෙනුව හා සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලස් ගනුදෙනුවක් සිදුව ඇති බවයි.

එවක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ  කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ බෘෘනායි ගිනුමකට ඩොලර් මිලියන 2ක් බැරවි තිබු බව ද විමර්ශනවලදී හෙළිවී තිබුණි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top