පාස්පෝට් අර්බුදය ගැන සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට...

0


 

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

එහි නිර්දේශ ප්‍රකාරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය වෙනස් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 2900 ක් පමණ නිකුත් කරන බවයි.

එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top