මාරක අනතුරු දෙකක් - ජීවිත දෙකක් අහිමි වෙයි

0

 


ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් තරුණියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (04) ඇහැළියගොඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසමවල එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඇහැළියගොඩ, මින්නාන - ඉද්දමල්ගොඩ මාර්ගයේ සොමිසඳවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී යාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර බණ්ඩාරගම - පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී බස් රථයක් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවූ අනතුරකින් තරුණියක් මියගොස් තිබේ.

බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට වම් මංතීරුවේ පිළිසකර කටයුත්තක් හේතුවෙන් බණ්ඩාරවෙල දෙස සිට පානදුර දෙසට ධාවනය වූ බස් රථයක් දකුණු මංතීරුවෙන් ධාවනය කර නැවත වම් මංතීරුවට ගැනීමේදී පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටී එම අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ තරුණියක් බරපතළ තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහල වෙත මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top