පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද ඇරඹේ

0

 


පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද(30) ආරම්භ වේ.‍

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සඳහා රාජ්‍ය සේවකයින් 738,000කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බවයි.

එමෙන්ම  තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 1000 ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top